ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ සාකච්චා වී තිබෙනවා.

අදාළ මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මෙලෙස මැණික් ගැරීම සඳහා අවසර ලබා දීමටයි කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත්තේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් කෘෂිකාර්මික ඉඩම්වල අස්වනු නෙලීමෙන් පසු මැණික් ගල් කැනීම සඳහා මීට පෙර අවසර ලබාදී තිබුනා.

නමුත් මේවන විට මහවලි අධිකාරිය එම අවසර ලබාදීම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කමිටුව වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

එයට අමතරව, මැණික් ගල් කැණීමෙන් ලැබෙන ලාභයේ පංගුව පතල් කැණීම් කටයුතුවල නිරත කම්කරුවන් වෙත නිසි පරිදි නොලැබීම පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා වී තිබුනා.

සේවකයන්ට හිමිවිය යුතු කොටස ලබාදීමට වගබලා ගන්නා ලෙසයි විෂය භාර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content