ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත් විය.

සමුළුව අද (02) සිට ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භ සාමාජිකයකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ.

සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content