අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා නවා.

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඉල්ලා අස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියද ලබාදී ඇති බවයි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයාගේ යටතේම තබා ගැනීමටද පියවර ගෙන තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා මාළිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

WhatsApp Group

Skip to content