ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ප්‍රාතමික පාසලක් තුළ සිදු කළ වෙඩිතැබීමකින් පාසල් ළමුන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

28 හැවිරිදි කාන්තාවක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවීතක්ෂයට පත් පාසල් ළමුන් තිදෙනා 9 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි බවද අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඇමරිකාව තුළ වෙඩි තැබීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ සිදුව ඇති අතර, ඒ අනුව එරට ජනතාව සදහා ගිණිඅවි නිකුත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content