අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) ගුවන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙම ගුවන් යානය ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත අදාළ අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

WhatsApp Group

Skip to content