ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

ඇමරිකානු එක්සත් රාජධානියේ හෙල්පින් ලංකා ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය ප්‍රදානය කෙරුනා.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දීමටයි කටයුතු කෙරුණේ.

ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වනවා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ලැබෙන ඖෂධ රේගුවෙන් නිදහස් කරගැනීමට ගත වන කාලය අඩු කර ගැනීමට කටයුතු කරන බවයි.

එහිදී ආධාර වශයෙන් ලැබෙන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු පැවසුවා.

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි ජියෝන් චන්ග් සදහන් කලේ මිතුරු රටක් ලෙස ඉදිරියේදී තව තවත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවයි

 

WhatsApp Group

Skip to content