ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති විලෝදිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රුසියාවට එරෙහිව පැවැත්වෙන යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැම්වීමට සහභාගී වීම සදහා යුක්රේන ජනාධිපතිවරයා ලබන සතියේ ඇමරිකාවට පැමිණෙන අතර, එහිදී ධවල මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී රුසියාවට එරෙහිව යුධ වැදීම සදහා ආයුධ සහ අධාර ලබා දෙන ලෙස යුක්රේන ජනාධිපති විලෝදිමියර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content