එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නැවත පිබිදීම ඉවසා ගැනීමට නොහැකියි අතීතයේ එක්සත් ජාතික පක්ෂයේම සිටි පිරිසක් මේ  වන විට පක්ෂ කාර්යාල වලට  හානි කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කරගෙන යන බවට තමන් විශ්වාස කරන්නේ යැයි  තරුණ කටයුතු ක්‍රිඩා හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 10 දින පැවසීය.

 පසුගිය දා දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සූදානම් කර තිබියදී එම කාර්යාලයේ කටව්ට්  බැනර්  කඩා දමා  කපා විනාශ කර දමා තිබිණි,

හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලය විවෘත කිරීමට තිබුණු අතර  එම සිදුවීම නිරීක්‍ෂණය සඳහා අමාත්‍යවරයා දඹුල්ලට  පැමිණියේය.

 මෙහිදී  පාක්ෂිකයන් සමඟ සුහදශීලීව සාකච්ඡා කරමින් ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව පක්ෂයේ විනය ආරක්ෂා කරමින් ඉදිරි දේශපාලන කටයුතු කරන ලෙස පාක්ෂිකයන්ට උපදෙස් ලබා දුන් අතර මෙම කඩාකප්පල්කාරී සිද්ධියක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිසියෙන් ද හරින් ප්‍රනනාන්දු අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

WhatsApp Group

Skip to content