ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනක් එල්ල වී ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ක්‍රිඩා අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිදුකර ඇති තර්ජනාත්මක ප්‍රකාශ හමුවේ මෙම තත්ත්වය මතුව ඇති බව ද රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නා.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINGHE-EDIT.mp3?_=1

මේ අතර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව අතිරේක පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොමු කළ බව පොලිසිය සදහන් කළා.

එමෙන්ම ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දෙන ආරක්ෂාව වැඩි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළේ.

මේ අතර ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා අද ඉවත් වුණා.

ඒ අනුව අදාළ නඩුවෙන් මේ වන විට විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content