අක්‍රමිකතාවයට දායක වන සියලු ලංගම සේවකයන් කිසිදු දේශපාලන, පක්ෂ පාට භේදයකින් තොර සේවය අත්හිටුවා, පරීක්ෂණ අනුව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනදී මාධ්‍යවේදීන් ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිලිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ලංගම වැටලීම් ඒකකය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා දිනපතාම මගින් විශාල පිරිසකට ප්‍රවේශ පත් ලබා නොදීමෙන් ලක්ෂ සියයකට අධික මුදලක් ආයතනයට අහිමි වන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙම අක්‍රමිකතාවය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර, එහි එක් පියවරක් ලෙස ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීමට පියවර ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මෙම සතියේ ලංගම ප්‍රාදේශික වශයෙන් ජංගම වැටලීම ඒකක 12ක් ස්ථාපිත කිරීමට තමා ලංගම සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content