ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්, අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය පිළිබද සාකච්ඡා කර ඇති බව සඳහන්.

විදුලි අයක්‍රම සංශෝධනය, විදුලි බල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්ත්වය, ඉන්ධන මිල සූත්‍රය හා තෙල් සංස්ථාවේ මෙහෙයුම් ඇතුළු තවත් මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content