ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි.

මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින් 36 දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙලෙස ඊයේ දිනයේදී ඇප තැන්පත් කල අපේක්ෂකයින් සංඛ්‍යාව 04 ක්.

පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් , වෙනත් කාණ්ඩය යටතේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින අපේක්ෂකයින් 16 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා.

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුනේ පසුගිය ජුලි මස 26 වනිදායි.

එමෙන්ම ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

මෙහි ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් දහසක් අනුයුක්ත කර ඇති බව පොලිස් වැඩබලන මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසනවා.

කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content