කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

WhatsApp Group

Skip to content