විදුලි ගාස්තුව අඩුවීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර වර්ගවල මිල පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ මේ අනුව බත් පාර්සලයක් රුපියල් 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් සහ කෙටි ආහාර මිල රුපියල් 10 කින් මෙලෙස පහත දැමෙනු ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 21.9 කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගත්තා.

WhatsApp Group

Skip to content