රටතුළ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට රජය සුදානම් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආහාර අර්බුදයක් මතුවුවහොත් ඊට මුහුණදීමට මේ වසර තුළ පුරන් කුඹුරු හෙක්ටයාර 11 ,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පුරන් කුඹුරු අස්වැද්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා රජය රුපියල් මිලියන 420ක් වෙන්කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content