මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබද පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි.

මේ අතර වෙළදපොළේද තවමත් එළවඵ මිල ගණන්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ.

ජුනි, ජුලි මාසවල එළවඵ මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙම වසරේ එම මාසවල එළවඵ මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනයේ සිදුව තිබෙන අඩුපාඩුවක් නිසා බවටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී.ජී. සමන්ත මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/SAMANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content