බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති සදහා සහය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා පැවසුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහය ලබා දෙන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනට සමාගාමීව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බවයි ඔහු සදහන් කළේ.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද ආසියානු සංවර්ධන බැංකුව අගය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content