ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙහිදී ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් කොටස් වශයෙන් ලබා දීමට පසුගියදා එකඟත්වය පළ කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට පළමු වාරිකය හිමි වුණා.

WhatsApp Group

Skip to content