ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content