නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් ඕමාන ඒ කණ්ඩායම පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන ඒ කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 42 ක් පමණයි.

WhatsApp Group

Skip to content