2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා.

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියේ සමාරම්භක තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3 ට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර මුල්තාන් හිදී පැවැත්වෙනවා.

එමෙන්ම සමස්ත තරගාවලියේ දෙවන තරගය හෙට දිනයේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ද ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4 ක් පාකිස්තානයේ දී පැවැත්වීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content