ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

එහිදී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර ආසියානු කුෂලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මිල ගණන් අඩු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරගය නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිඩා ලෝලින්ට ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1500කට මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා.

අදාළ ප්‍රවේශ පත්‍ර මහනුවර බලගොල්ල අභීත ක්‍රිඩාංගනයේදී සහ කොළඹ විද්‍යා මාවතේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content