2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබු 11 වන අවස්ථාව මෙයවනවා.

එමෙන්ම පසුගිය වසරේ ශූරයන් බවට පත්වු ශ්‍රී ලංකා කණ්ඩායමට එම ශූරතාව රැක ගැනීමට අද යළි අවස්ථාව හිමිවනු ඇති.

ඉන්දිය කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන 07ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 06ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකයේ නායකත්වයෙනුත් ඉන්දිය කණ්ඩායම රොහිත් ශර්මාගේ නායකත්වයෙනුයි අද තරගයට එක්වනවා.

ආබාධයකට ලක්වු දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමී වුණා.

මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම ඉන්දිය කණ්යමේ අක්ශර් පටෙල්ට අද තරගයට ක්‍රිඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට පෙර ඊයේ සිය අවසන් පුහුණු සැසියට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී එක්වුණා.

මේ එම පුහුණු සැසියෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක.

https://www.vnews.lk/storage/2023/09/DASUN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content