චීනයේ පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කිහිපයක් සඳහා ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවක් සහභාගී වුණා.

එහිදී කාන්තා මීටර් 1500 අවසන් තරගය නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ඊයේ පස්වරුවේ තරග බිමට පිවිසියා.

කෙසේ වෙතත් එම අවසන් තරගයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඇයට නොහැකි වූ අතර එහිදී ඇය විසින් ඉසව්ව අවසන් කරනු ලැබුවේ සිව්වැනයා ලෙසයි.

WhatsApp Group

Skip to content