ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පකිස්තානයේ මුල්ටන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ  තිබුුුණි.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ සිට විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

එළඹෙන 9 වෙනි මස 2වන දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත්  9 ‌වෙනි මස 04වන දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content