ආරුක්කු නවය පාලම ආශ්‍රිතව සිදුකළ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් වන මිරායි තෙලිගු චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා.

ඒ අනුව දුම්රිය ගමනාගමන කටයුතු ද යථා පරිදි සිදුවන බවයි බලධාරීන් පවසන්නේ.

ඊයේ රාත්‍රී 7 පමණ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් සම්පුර්ණයෙන්ම අවසන් වී තිබෙනවා.

නළු නිලියන් හා කාර්ය මණ්ඩලය ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් නැවත ලබන 26 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ඒ බණ්ඩාරවෙල හා දෙමෝදර අතර ප්‍රදේශයේ ගීතයක දර්ශනයක් රූගත කිරීම වෙනුවෙන්.

WhatsApp Group

Skip to content