අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතාගේ දේහය හෙට පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
ඒ අනුව පස්වරු 2 සිට 4 දක්වා දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන බවයි අවමංගල්‍ය සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ.
බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතව තිබෙනවා.

ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබද අවසන්කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ.

දේහය මේ වන විට බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content