ආර්ථික විනාශය හේතුවෙන් ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ඔහු සදහන් කළා.

ලක්ෂ 10ක් ණය ලබාගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවති වැඩසටහනකදී.

https://www.vnews.lk/storage/2024/01/SAJITH-PREMADASA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content