අලුත් අවුරුදු සමය තුළ මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දීම තුළින් තමන් දැඩි බලපෑමකට ලක්වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

එහි සභාපති අරුණ ශාන්ත මහතා කියා සිටියේ පදික වේදිකාවේ එළවළු විකිණීමට අවස්ථාව ලබා දීම සුදුසු නොවන බවයි.

මේ පිළිබදව ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව ද අරුණ ශාන්ත මහතා සදහන් කළා.

ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවෙන් තම ව්‍යාපාරික කටයුතු සිදුකරන බවත් රජයේ මෙම තීරණයක් සමග ඔවුන් තවත් අපහසුතාවට පත්වන බවත් අරුණ ශාන්ත මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content