ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ අද දිනයේදී එළවළු මිල අඩු වී තිබුණද අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවටයි ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක මිල රුපියල් 250 ක් ලෙසත්, ලීක්ස් කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් සටහන්ව තිබුණා.

එමෙන්ම තක්කාලි කිලෝවක මිල රුපියල් 100 ක් වන අතර, බීට් කිලෝවක මිල ද රුපියල් 100 කට ලබා ගැනීමට හැකියාව ලැබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content