ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව සර්වජන බලය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් අනුමත වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඊට අදාළව ජනමත විචාරණයක් අවශ්‍ය බවටද තීන්දුවක් ලබාදෙන ලෙස සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content