විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content