රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාවද යළි නඟාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එමෙන්ම රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් මෙවර ඉදිරිපත් කල බවද ඔහු සදහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි .

ඔහු පැවසුවේ රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළට සියලු දෙනාගෙන් සහාය අවශ්‍යය බවයි .

https://www.vnews.lk/storage/2023/11/JANADHIPATHI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content