රජය විසින් ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2024/01/GAMINI-LOKUGE-EDIT.mp3?_=1

මේ අතර රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා චෝදනා කළේ රජය විසින් බදු වැඩිකිරීමත් සමග රාජ්‍ය සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

ඒ අනුව රුපියල් 20,000 දීමනාව ජනවාරි වැටුපට එකතු කළ යුතු බවද ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2024/01/CHANDANA-SOORIYARACHI-EDIT.mp3?_=2

මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ආණ්ඩුවේ දූෂණ වංචා හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2024/01/NALINDA-JAYATHISSA-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content