කැනඩාව තුළ ටික් ටොක් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සදහා පිළිගත නොහැකි මට්ටමේ අවධානමක් තිබෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ.

කැනඩාවේ ප්‍රධාන තොරතුරු නිලධාරියාගේ සමාලෝචනයකින් පසු මෙම තීරණය ගෙන ඇති අතර, එම තහනම අද දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මෙම තහනම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව ටික් ටොක් සමාගම ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content