අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අයවැය කාරක සභා විවාදය ඊයේ ආරම්භ කරමින් ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59 කින් සංශෝධන සහිතව සම්මත වුණා.

මේ අනුව අදාළ විවාදයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 62 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3 ක් පමණයි.

මේ අතර අද දින පවතින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/SARATH-FONSEKA-EDIT.mp3?_=1

රට තුළ පවතින කැලෑ නීතිය වහාම ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/ROHITHA-ABEGUNAWARDANA-EDIT.mp3?_=2

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රණවිරුවෙකු මියයාමේදී පසුගිය රජය පොරොන්දු වූ වන්දි ගෙවීම් ක්‍රමය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-.mp3?_=3

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා.

https://www.vnews.lk/storage/2023/11/PRAMITHA-.mp3?_=4

මේ අතර අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව මේ වන විට කතෝලික රදගුරු සභාවට ලබා දී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-4.mp3?_=5

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබද සොයා බැලීමට ඉදිරියේදී තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-2-1.mp3?_=6

WhatsApp Group

Skip to content