ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 76ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 08ක් පමණයි.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ සලකා බැලු ශීර්ෂයන් සියල්ල සම්මත වු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

ඒ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂයට අදාළ විවාදයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරමින්. අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් සියයට 90ක් අවසන් කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/TIRAN-ALAS-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content