ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබු සංවිධාන 05 ක තහනම ඉවත් කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මේ බව සදහන් කළා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ සංවිධාන 11 ක් තහනම් කර තිබුණා.

නව ගැසට් නිවේදනය මගින් එක්සත් තවුහිද් ජමාත් , සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත් , සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සන්නතුල් මොහොමදියා යන සංවිධාන වලට එරෙහි තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content