ඉන්දියාවේ ජම්මු – කෂ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ගැටුම් හේතුවෙන් ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන් ව ඇති බවයි වාර්තාවන්නේ.

වන භූමියක මෙම ගැටුම් ක්‍රියාත්මක වන බවත් , ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බවත් ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content