ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු 09 පාලම ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිතල්ඇල්ල ප්‍රදේශයේ ප දිංචි 21 හැවිරිදි අවිවාහක තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය කියා සිටියේ අදාළ තරුණිය, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content