ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 2024 පළමු කාර්තුව වනවිට ගිවිසුම්ගත වී සිටින මෙන්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතිවලට අදාල ආයෝජකයින් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ.

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් ඊට එක්විය.

අදාළ ව්‍යාපෘතිවල පවතින ගැටලු මෙන්ම ප්‍රගතිය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් ඉටු විය යුතු කාර්යයන් සහ සේවාවන් පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

WhatsApp Group

Skip to content