ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ(16) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ වසරේ මුල්කාර්තුවේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉතා සතුටුදායක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

2024 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා වූ මුල් කාර්තුවේ දී ආයෝජන අයදුම්පත් 35 ක් ලැබී ඇත.

මින් 29 ක් නව ව්‍යාපෘති වන අතර 6 ක් පවතින ව්‍යාපෘති පුළුල් කිරීමට අදාළ වේ.

මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3230.2කි.

එය 2023 වසරේ මුල් කාර්තුව හා සැසදීමේ දී 300%ක වර්ධනයක් වේ.

WhatsApp Group

Skip to content