බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ගුරුවරුන් පිරිසක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන අතර අද පැවැත්වීමට නියමිතව තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය යි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී, හෝමාගම, මොරටුව සහ ගම්පහ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වේ.

WhatsApp Group

Skip to content