ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළහොත් ආයුධ සැපයීම නවතා දමන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙනවා.

දකුණු ගාසා තීරයේ පිහිටි මෙම රෆා නගරය මේ වන විට හමාස් සංවිධානයේ අසන් බලකොටුව බවට පත්ව ඇති අතර, එම නගරයේ විශාල වශයෙන් සිවිල් ජනතාව රැඳී සිටින බවයි විදේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ඊශ්‍රායලය විසින් රෆා නගරය ආක්‍රමණය කළහොත් එහි රැඳී සිටින සිවිල් වැසියන්ට හානි සිදු විය හැකි බැවින් ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකාවේ ස්ථීර සහ වාචික විරෝධය නොතකා ඊශ්‍රායලය රෆා නගරයේ විශාල ආක්‍රමණයක් සිදු කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content