ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට යොමු කර තිබෙනවා.

අදාළ ආයතනයන්හි වාර්ෂික ලාභාංශ ලෙස භාණ්ඩගාරයට ලබා දෙන රුපියල් මිලියන 925 ක මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද සිදු කෙරුණා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350 ක්, සීමා සහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300 ක් සහ බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100 ක් මෙලෙස පිරිනමා තිබෙනවා.

එමෙන්ම ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100 ක් සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75 ක් මහ භාණ්ඩාගාරයට පිරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content