ආබාධ සහිත පුද්ගලයන්ට මෙම මස සිට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසනවා.

මෙලෙස ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධිත සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජාන්ධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව දෙන බව ආබාධ සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content