යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා ඔවුන්ට හිමි දීමනා ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

අදාල හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 ට පෙර ආබාධිත තත්ත්වයෙන් මිය ගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දීමනා හිමි නොවන බවද එම අමාත්‍යාංශය පැවසුවා.

WhatsApp Group

Skip to content