මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහායි.

මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content