ආනයනික බිත්තර මිලියන 15 ක් මේ වන විට ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ එළඹෙන සදුදා දින එම බිත්තර තොගය මෙරටට ලැබීමට නියමිත බවයි.

ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10 ක්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කොට වාර්තා ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒවායේ වාර්තාව ද එළඹෙන සෙනසුරාදා දින ලැබීම නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට වෙළදපොල තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම කුකුල් මස් කිලෝවක මිල ද රුපියල් 1600 ක මිලට ආසන්න වී ඇති බවටයි වෙළදුන් චෝදනා නගන්නේ.

ඊයේ දිනය වන විට ලොකු `ඵණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වුණා.

මේ අතර වෙළදපොලෙ තුළ එළව`ඵ මිල ද සීග්‍රයෙන් ඉහල යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් ව තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/12/MINISSU-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content