ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි.

මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්.

මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බවයි සභාපතිවරයා පවසන්නේ.

 

WhatsApp Group

Skip to content